Thursday, August 25, 2011

වීදියේදී..........

තවම සවස 3.30 පසු  වුයේ නැත.බස් පොලිමේ තදවනවාට වඩා හෝල්ටයේ සිට නගින එක හොද යැයි සිතුන නිසා ඔහේ ඉදිරියට ඇවිද ගියේය.කවුරුවත් සිනාසුනේද නැත
     ''මොකෝ බලෙන් හිනාවෙන්නෙයි''
 මාත් කරබාගෙන අඩියට දෙකට පොලීසිය පහුකරන් අන්නාසි කඩෙ ලග නතර වුනි.බැලුවහම කොතනත් සෙනග.බස් එකක් එනවා
     ''ඒත් වැඩක් නැ.බද්දෙගම එකක් තවත් වරුවක් ඉන්න වේවි'',
උඩු හිතින් යටි හිතින් දෙකෙන්ම මටම බැනගතිමි
    .'' කකුල් දෙකම රිදෙනවා.දෙකම රිදෙනවාට වඩා හොදයි එක කකුලකට බර දීල ඉන්න එක''
වටපිටේ බලන්න දෙයක්ද නැත.බස් එකක් එනපාටකුත් නැත.ඇස් දෙක කරකවා වට පිට බැලුවෙමි.ඉස්සරහින් අන්නාසි කඩේ අනිත් පැත්තේ තැපැල,මේ පැත්තෙ පාර වෙන මොනවා තීන්නද ඉතින්
ආ......?ඇහෙකට බොදවෙලා පේනනිසද   කොහෙද අනිත් ඇහත් ඉබේම කර කැවිනි. "ඇල්බට් ගුනරත්න opticals"නම නම් ඒකය.
 වැඩේ ඒක නෙමේයි නෙ.කඩේට ඇතුලුවෙන දොරකඩ පොඩි කොල්ලන් දෙන්නෙකි.අම්මා තවත් කෙනෙක්ට කිරි දෙයි.යටට කලිසම් කොට දෙකකි.උඩටනම් කිසිත් නැත.දාන්ගලේ නම් අඩුවක්ද නොපෙනේ.
    ''හොද කඩේක ඉස්සරහ නේද අර හිගන ලමයි දගලන්නේ.ගහල පන්නන්න එපැයි ඕකුන්ව''.
 පි‍ටුපසින් ආ හඩකි.
හොද වෙලාවට පස්සෙන් හිටියේ. මොන කටින්ද දන්නැ ඕක කියුවේ.මූන නොදැක්ක එක ලොකු දෙයක් දකින්නවත් ඔනෙ නැ ඔහොම අය.පව් අහිOසකයෝ.
    අනික.".බස් එකක් ලමයෝ ..මොන සිහියකද ඉන්නෙ.. ආයින්ට වෙන්න."
කියුවාට වඩා ඒක බැනුමකි.ලජ්ජාව ඉයවහා ගිය නිසාදෝ ආපු බසයටම ඉබේම නැගුනි.හොද වෙලාවට ඒක අපෙ පැත්තෙ යන එකක්.                                    
                                                                      සති 2 පසු

කොළඹ බස් අන්තිම ජරා බස් ජාතියක්....
    ." මේ ගාල්ලේ නේ බහින්නේ නැගිටලා ඉස්සරහට යන්න..කෝ කෝ යන්න."
"ඇයි දෙයියානෙ ගාල්ල තව කොච්චර දුරද මැදැයි දැන් ඉතින් නැගිටපන්කො........හ්ම්"තවත් විනාඩි 10 ගාල්ලේය.
    "අද බස් ස්ටයික් එකක්.ස්ටෑන්ඩ් එකේ වැට ගහල තීනවා වැරදි කියලා බස් කරොයො කියන්නෙ.. ඇමති එනකම් බස් දුවන්නෙනැලු".බස් එකකින් බැස්ස කෙනෙක් කියනවා ඇසිනි.
    "අම්මා එනවා කියුව නිසා මටනම් ගානක් නැත.ඒත් ඉතින් එනවා කියපු තැනට ඇවිදන් යන්න වෙනවනෙ........''
ඔන්න ඔහේ ඉස්සරහට යනවා.හෙමින් හෙමින් ආවට මොකද අම්මානම් තාමත් නැත.ටවුමෙ බෝඪිය ගාවටත් ඇවිත්ය.දැන් ඉතින් අම්මා එයි.
එතකම් ඉන්නවා ඉතින්..කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නෙ නැ.
ඕහ්.......මේ අර ලමයි නේද?
අද මෙතන්ට ඇවිත් බෝඪිය යටට..තවමත් ඒ ඇදුමය.වෙනසකට ඇත්තේ තවත් කුණු ගැවී කළු පාට වීම පමනි.තවමත් සෙල්ලමය..කෑවාද දන්නෙ නැත.
මට මා ගැනම සිහිවිනි.කිසි දිනක අපිරිසිදු ඇදුම් නො ඇන්දෙමි.මෙසෙ පාරේ ජීවත් වෙමින් අවුවට වැස්සට නොසිටියෙමි.අම්මා ද තාත්තා ද වැස්සට මෙන්ම අව්වටද කුඩ ඉහිලිනි.
    ඒත් මේගොල්ලන්ට මේ මුකුත්තීද?
      මේ කිසිවක් ඔවුනට නොතේරෙන්නේ ඔවුන් කුඩා ලමයින් නිසාද?
නැතිනම් ඒ කිසිත් ඔවුගෙ අත්දැකිම් නොවන නිසාදැයි මා නොදනිමි.මා මෙන්ම මෙතන සිටි හුග දෙනෙක් මොවුන් දිහා බලන්නේ අනුකම්පාවෙනි.එක ලමයෙකු මා දිහා බලාසිටි නිසා මම සිනාසුනෙමි.
මොකද ඒ හැර මට දෙන්නට දෙයක් නැත.පෙරලා එයට සිනාහවකි.එය අහි0සකය
    ."අම්මා තාම නැති එක එකත් හොදයි මුකුත් දෙන්නන බැරි උනත් ඒයාලා එක්ක හිනාවෙන්න හරි මට පුලුවම් උනානෙ".
කොහේදෝ සිට පැමිනි අක්කා කෙනෙකු පොඩිම කෙනාට මොකද්ද දී හනිකට පිටවිය.එය සෙල්ලම් පිස්‍තෝලයකි
    ."වතුර විදින්න පුලුවම් එකක් වගේ.මුකුත් නැති මෙයාලට මේක ලොකු දෙයක්නෙ..."
ඒ ගොල්ලො දැන් සෙල්ලමේ පව්..අම්මා පැමිණියද, තමත් මම යන්නට වුවනමනා නැත
    ."දැන් යමු නේ.." අම්මා අඩගසයි
    ."හදිස්සී ලමයෝ යමු යමු...එන්න."
.පිස්තොලය අතින් ගත් මොවුන් දෙදෙනා මගේ ලගට ආවේ ඔය අතරෙය.පලමු වතුර පාර අතට වදිනි.දෙවෙනි වතුර පාර මුහුනට හා අගට වැදුනි.මට දුකක් නැත.තරහවක්ද නැත.මට කල හැකි එකම දේ සිනහාවිමනම් ම0 සිනහසුනෙමි.අදත් ඔවුන් එතන ඇත.යලි වරක් හමු වුනහොත් මා නැවත් සිනා සෙන්නටත් කියක් හෝ දෙන්නටත් සිතමි.නමුත් හමුවෙදයි මා නොදනිමි
             ( නම් ගම් සියල්ල මන:කල්පිතයි.මන:කල්පිතයි කියුවාට කිසිම නමක් මෙතන නෑ කියල බැලුවහම තේරෙනවනේ.මට කියන්න ඕනෙ උනේ මේ කතාව ඇත්ත එකක් කියන එකයි)

3 comments:

  1. wow...great dr.keep this 4ever...!all da best..!!!

    ReplyDelete
  2. මටත් ගාල්ලේ හිටපු කාලේ මතක් වුනා.සිපාරා එක ලඟ ඉන්න මිනිස්සු, පොඩි උන් දැකලා හැමදාම ඔලුවෙ බරක් තියාගෙන තමයි එතනින් ගියේ.ඒ මිනිස්සු ඒ තරම් පැහැපත් නොවුනට උන් අතරෙන හිටපු සුදුම සුදු පුන්චි එවුන් ගොඩක් ලොකු කතාවක් කියනවා..ඒක අහන්නවත් ඔලුව හරවලා බලන්නෙ නැති වැදගත් මහත්වරු,හවසට හොඳට පදම් වෙලා ඒ පැත්තට එන්නෙ වාහන වලින්...
    පුදුම කලකිරීමක් හිතෙනවා ඒවා මතක් වෙද්දිත්.......

    කතාව හොඳට ලියලා තියෙනවා යාලුවා........දිගටම ලියන්න.

    ReplyDelete
  3. යාලුවා,word ver එක අයින් කලා නම් comment දාන්න ලේසියි :)

    ReplyDelete