Thursday, September 29, 2011

අමාවක ‍රැ....

තනි තරුවයි මේ ගනදුර සිදලන්නේ

තනි තරුවයි සද නැති  ‍රැ සරසන්නේ


තරු කැට ඉසුනු කලුවර ‍රැ හරි සිසිලයිනේ


සද නැති ‍රැයේ තරු කැට හරි එලියයිනේ

Tuesday, September 20, 2011

කෙල්ලක් නොවුනානම්......

හදවත ඔබ ගැන
විමසන හැම විට
ඔබ  දුර ඈතට යනවා
නොපුපුන මල් දැක
ලතවෙන සිත මගෙ
ඔබ ගන සිහි වී දුක්වෙනවා
කවිපොත පෙරලන
හැම දිනයකම මට
ඔබ ගැන සිනිනය ලියවීලා
කෙල්ලක් නොවුනානම්
මම මේ විටදිත්
ඔබ හට ආදරේ පවසාලා

Wednesday, September 14, 2011

"ඒබ්‍රහම් ලින්කන් "සිය පුතුගේ මුල් ගුරුතුමා වෙත යවන ලද ලෝප්‍රකට ලිපිය

"මුල් ගුරුතුමනි",මගේ පුතාට කියාදෙන්න සෑම මනුෂ්‍යයකුම සත්‍යවාදී සහ සර්ව සාධාරණ නොවන බව.නමුත් ඔහුටකියාදෙන්න,සෑම තක්කඩියකු,දුර්ජනයකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලොකයේ සිටිනා බව.සෑම ආත්මාර්ථකාමී දේශපාලනයකු තුල රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලනයකුත් ඉන්න බව ඔහුට ඒත්තු ගන්වන්න.සෑම සතුරෙකු පාසාම මිතුරෙකුත් සිටිනා බව ඔහුට කියාදෙන්න.නොමිලේ කාගෙහරි,කොහෙන් හරි,ලැබෙන ඩොලර් පහට වඩා තමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බව ඔහුට කියාදෙන්න.පරාජය විදදරා ගැනිමටත්,ජයග්‍රහණය නිහතමානීව සතුටින් භුක්ති විදිමටත්,ඇතැම් අය ඊර්ෂ්‍යාකාරීව ක්‍රියාකරන විට කලකිරීමෙන් තොරව,සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි රහස ඔහුට කියාදෙන්න.තමන්ගේ හයිහත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය මෙලොව පරාජය කිරීමට පහසු අය බව ඔහුට ඒත්තු ගන්වන්න..............

      මුල් ගුරුතුමනි,ඔහුට පොත පතේ ඇති චමත්කාරය පෙන්වාදෙන්න...එපමණක් නොව,අහසෙ සැරිසරන කුරුල්ලන්,හිරු ‍රැසේ පියාඹන මීමැස්සන්,නිල්වන් කදු බෑවුමක පිපී වැනෙන වන මල් කියාපාන සදාතනික රහස ඔහුට නිවී සැනහිල්ලේ හිතන්න ඉඩදෙන්න.වoචා කිරීම,සොරකම් කිරීමට වඩා පරාජයට මුහුන දීම ගෞරවාන්විත බවත්,තමන්ගේ අවoක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම වටිනා බවත් ඔහුට වටහා දෙන්න...කදුළු සැලීම ලැ ජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියලා දෙන්න.සෑම දෙයකම වැරදි සොයන අය ගනන් නොගැනීමටත්,චා‍ටු බස් දොඩන අයගෙන් පරිස්සම් වීමටත් ඔහුට හැකියාව ලබා දෙන්න.තමන්ගේ හිතේ ශක්තිය වැඩි මිලට විකුණුවත් තමන්ගේ හදවත් සදහා කිසිවිටෙකත් මිලක් නොඉල්ලන්න ඔහුට උගන්වන්න...බොරු ඝෝෂාවල් නගන සෙනග අතර කන් පියන් ඉන්න ඔහුට ධෛර්ය දෙන්න....ඇදුරුතුමනි,ඔහුට මෘදු ලෙස සලකන්න.නමුත් සුරත්ල් නොකරන්න...වානේ හොදින් තැනිය හැක්කේ හොදින් ගින්නෙන් රත් වු විට බව හොදින් ඔහුට පැහැදිලි කර දෙන්න...ඔහුට මේ අධ්‍යාපනය දීම බැ‍රැරුම් වුවත් හැකි සෑම දේම මගේ දරුවා වෙනුවෙන් කරන්න

Sunday, September 11, 2011

හිතවත් සහදය......

                                                  නොදැකමුත් ඔබේ රුව
                                                  මගේ දෙනතින් සැබැවට,
                                                  නො ඇසමුත් ඔබේ හඩ
                                                  මගේ දෙසවන පුරාවට,
                                                  හැසරලි අතර වු
                                                  සිතුවිලි පටලැවු
                                                  හුදකලා විරාමෙට,
                                                  නුබ මෙමට පැවසුවා
                                                  අවසාන වතාවට,
                                                  "මේ කවිය ඔබටමයි මා මතක වනු පිනිස"
                                                  යලි යලිත් මට ඇසෙයි
                                                  දෙනතකට කදුළු එයි
                                                  හිතවත් සහදය
                                                  ඒ කවිය මගේ මයි

Saturday, September 3, 2011

මවු සෙනෙහසට කව් ගී ලිය වුනා මදී......

''පුතේ මට ඇත්තටම උඹ ගැන ආඩමබරයි.මo මුලු ලෝකයම ලැබුනා වගේ."
"ඒත් අම්මේ අපි කොහොමද මේවට වියදම් කරන්නේ."
"උඹ නිකන් ඉදින් මo උඹේ තාත්තා නැතුවයි උඹට මේ තරම් උගැන්නුවේ උඹ ඒව ගැන හිතන්නෙ නැතුව ඉගෙන ගනින්.."
කොළඹ විශ්ව විශ්ව විද්යාලය.... මගේම සිහිනයක් වුනත් එය මේතරම් ඉක්මනින් ලගාවේ යැයි මට කිසිදිනෙක නොසිතුනේ අප දරිදතාවයේ අඩියටම පත්වී තිබු නිසාවෙනි.
      නමුත් ඒ සිහිනය මා සතුනම් අත්හලන්නේ ඇයි?
"ඕන දෙයක් වුනවේ.මo හොදට ඉගෙනගන්නවා."
"අයින් වෙලා හිටින්න පුතේ මේ කොලඹ රට රාජේ....ගමේ නෙවේයි.හිටින් පාර අහගත්තු විදියටනම් මෙහෙ තමයි."
අම්මා මා දමා යද්දී හැඩුම් ආ මුත් අම්මා අඩතැයි සිතුනු නිසාවෙන් ඇසෙ කදුළු හිතේ සගවා ගතිමි.මෙය අපෙ පැල්පතේ අප වෙන්වු පලමු වතාවයි.
"එහෙනම් පුතේ ඔබ හොදින් ඉදින් කවද හරි හොදට ඉගෙන ගෙන ගමටම ලොකු මහත්තයෙක් වෙලා වරෙන්.අපේ මුලු පරම්පරාවටම උඹ මැනිකක්"
අම්මාගේ ඒ වචන මගෙ මුළු ඇගම වසා ගත් බවක් මට දැනේ.හැම ඇට මිදුළුවකටම කා වැදී තිබුනා නොවෙදැයි සිතේ.සියල්ල සිතේ හොවාගෙන දැස පියා ගත්තේ හෙටින් මා මෙහි දකින ලෝකය විදින්නට සිතා ගනිමිනි.
     දසමාසේ  උරේකත්වා
    පොසේ සිවුද්දි කාරනo
    ආයු දීගම් වස්සසදම්
    මාතු පාදම් නමාමහම්
.සිතින් අම්මාට වදින පලමු අවස්තාව මෙයයි.දින මාස අවුරුදු ගන්නන් ගෙවී ගියේය.කොළඹ ජීවිතේ මා සොරා ගත්තා නොවේදැයි අදටත් නොදනී.ශලිනි මාගේ ලෝකයට ඇවිදින් අවුරුදු 2 අවසන් වී ඇත.ඇය වත් පොහොසත් කමින් ඉහල කොළඹ කෙල්ලකි.
"ඒ මාදවයෝ..අද මරු වැඩක් නෙ උනේ."
"මොකද?"
"මොකද්ද කියල අහන්නෙ අද අපි කැන්ටිමේ ඉන්නකොට මිටි කැතම කැත එක ඇහැලුත් නැති ගැණු කෙනෙක් ආවා.ඇවිත් ඇහුවා උඹ ඉන්නවද කියලා."
"බැලුවහම ඒ උඹේ අම්මානෙ බන්.උඹේ හැටියට අම්මා හැටි බලපන්කෝ.ශලිනි දැක්කනම් උඹ ඉවරයි"
"හී....හී ඒ උඹේ අම්මාද බo.?"
උන් තව මොනවා කියුවාදැයි මම නොදනී.
"අම්මා මොකටද එහෙට ආවේ."
"අනේ පුතේ.."
"අම්මට එන්න කලින් කියන්න තිබ්බා.එහෙම..ඔනෙ මට ලැජ්ජ කරන්නනෙ ඉතින් කරානේ දැන්වත් සතු‍ටුද?"
"අනේ මගෙ පුතේ..."
"මo කියුව කියලා හිතාගන්න ආයෙ එහේ ආවොතින් අම්මගේ මගේයි නෑකම ඉවරයි.එච්චරයි.මo යනවා."
"අනේ පුතේ උඹ මාස 5 ඔය ආවේ.කැම කාල පලයන්."
"මට ඕන ඇති කෑමක් නෑ."
"හීන් මැණිකකේ "
"හ්ම්.. "
"උඹ දන්නවද?"
"හ්ම්.."
"අර වෙළ ලග වෙද ගෙදර දරුවත් උඹේ කොල්ල ඉගන ගනිපු විශ්ව විද්යාලයෙලුනෙ බo."
"ඉතින් ?"
"නැ මo කියන්නෙ උබේ කොල්ල දැන් ලොකු මිනිසෙක්ලු බo.එහෙම උගන්නනවලු.උඹට නොසැලකුවාට නෝනට හොදට සලකනවලු.අනික.."
"මේ උඹ උඹේ වැඩක් බලා ගනින්.ඌ මට සලකනවා."
"අනේ එක අපිට පේනවනෙ.උබට ඌ බදිනව කියලවත් කියුවද? ගියා ගියාමයි ආයෙ ගමටවත් ආවද?අම්මා උන්නද මලාද බැලුවද උබ දන්නවද ඌ දැන් තාත්තා කෙනෙක්ලු.මo යනවා අක්කේ උඹලට ඉතින් අපි මොනව කියුවත් වැරදිනෙ."
"හ්ම්.. එහෙනම් උඹත් තාත්තා කෙනෙක් වුනා.හ්ම්.."
"ඩැඩී..ඩැඩී ඇයි බබා..ගේට්‍ටුව ගාව යකෙක් ඉන්නවා හී...    dont worry my son come here                      "කෝකටත් බලමුකෝ කවුද කියලා."
"සිරිපාල.."
"හාමු "
"ගිහින් බලපන් ගේට්‍ටුව ගාව කවුද ඉන්නෙ කියලා.හොදමයි."
"හාමුගේ අම්මාලු."
"මොකක්."
".පුතේ මේ මම උඹේ අම්මා උඹ මෙහෙම ඉන්න එක ගමේ එවුන්ට.."
"ඇති ආයෙත් ආවද මෙහේ.මගේ දරුවත් බය කරන්න.ආයෙත් මට ලැජ්ජ කරන්නද ඔනේ.."
"අනේ නැ පුතෙ මo ආවේ."
"ආවෙ මොකට උනත් දැන් මෙතනින් ගියොත් හොදයි..මෙන්න මේ සල්ලි ටිකත් අරන් මෙහෙන් යන්න.එය රුපියල් දෙදහසේ කොලයකි.
"මo ආවෙ උඹේ දරුව බලන්න මිසක සල්ලි ගන්න නෙමේයි.මo යන්නම් පුතේ..."
ඩ්ර්ස් විසල් ගේට්‍ටුව මම වසා දැමුවෙමි.
ටක් ටක්....
" yes,  coming"
"සර්.."
"ඔව් ඇයි මොකද? "
"සර් මමත් එහේ ඉගෙන ගන්නෙ.මo සර්ගේ ගමේ."
"හ්ම්.."
ඉතින් සර් ගිය සතියේ මo ගමේ ගියා.එතකොටයි මo දන්නෙ හීන් මැණිකා නැන්ද මැරුන කියලා. මේ ලියුම නැන්දගේ නිදි පැදුර යට තිබුණා."
වෙව්ලන දැතින් මම එය ගත්තේ කල කී සියලු යට ගියාව මට මතක් වු නිසා වෙනි.
     
 පුතේ සමහර විට උඹ මේ ලියුම දකිවි.සමහර විට නොදකිවි.උඹ මගේ පුතා මගේ කුසින් ඉපදුණු එකම දරුවා.මට සතු‍ටුයි පුතේ මම එක ඇහැකින් උඹ මේතරම් දුර එක්කන් ගියා.මo උඹ බලන්න ආවේ උඹව දකින්න මිසක උඹට ලැජ්ජ කරන්න නෙමේයි.මගේ එක ඇහින් උඹව දකින්න හිතුවා.උඹට මගේ කිරි ලේ කරලා පෙව්වා.ඒ ලේ මගේ අගේ තාම තියනවා පුතේ.ඒ නිසා මට උඹ මොකක් කරත් උඹට ආදරයි.මගේ තරහක් නැ.උඹේ තාත්තා නැතිවුන දා ඉදලා මo උඹට ඒ ආදරෙත් දෙන්න හැඩුවා.මo එක කරාද කියලා මo දන්නෙ නැ.උඹ උපන්න වෙලෙ උඹේ තාත්තා මළා.හැමෝම උඹ තාත්තා මළන් උපන් එකා කියුවා.ඒත් උඹ වැරදි නැ පුතේ.උඹ මගේ පුතා හැමදාටම මගේ එකා.උඹ උපන්න කොට උඹට එක ඇහැක් පෙනුනේ නෑ.මට  ඇස් දෙකක් තිබ්බට මොකටද උඹට එක ඇහැක් තීනවනම් ඉතින් මo උඹට මගෙ ඇහැ දුන්නා.මොකද උඹ මට ඇස් දෙක වඩා ,ඊටත් වඩා මට උඹව වටිනව මගේ පුතේ.මo උඹේ ආදරේ ඉස්සරහ අන්ඪ වුනා.

Tuesday, August 30, 2011

                                                    ඇගේ ලූ බැනියමේ
                                                    මඩ වැදී ඉරී ඇත
                                                    බඩේ වූ කුසගින්න
                                                    පපුව තෙක් ඇදී ඇත.
                                                    මග යන්නෙන ඔබ වෙතට
                                                    දෑත මගේ ඇදී ඇත
                                                    නොරිදුනත් අත මගේ
                                                    පාළු... සිත බිදී ඇත               

Monday, August 29, 2011

ජීවිතය...

"මිසී අනේ කරුණාකරල මට වතුර එකක් දෙන්න පුළුවම්ද?"
"තාම ඔයාට ඩොක්ටර් මොනවත් දෙන්න කියුවේ නැනේ පොඩ්ඩක් ඉන්න"
 හ්ම්..ඒත් මට බඩගිනි,තිබහයි..
ඔහු තවමත් ඇදහිය.සීත කාලය පැමිනි නිසා දෝ බොහො ලෙඩුන් තවමත් නින්දේ පසු වෙයි.මෙහි සිටින බොහො රෝගීන් සිතින් මෙන්ම ගතින් දුබල වුවන්ය."සුභ උදැසනක් ..ඔය දන්නවද දැන් වෙලව කීයද කියල? හ්ම්ම් එහෙනම් කියන්න බලන්න දැන් වෙලාව කීයට විතර ඇද්ද  කියලා කියන්න.."
"නවත්ත ගන්නවද ඔය කියවිල්ල මට මගේ පාඩුවේ ඉන්න දෙනවා..මට කාත් එක්කවත් කතා කරන්න වුවමනවක් නෑ..''
" හරි මට සමාවෙන්න."
ඔහු නමින් විලියම්ය.මාගෙ අසල්වැසි ඇදේ හිමිකාරයා ඔහුය.නමුත් අද වන තෙක් ඔහු හා සුහද වීමටවත් ඔහු සමග කතා කිරීමටත් මා අපොහොසත් වුයේ එයිදැයි මා නොදනී.
"සුබ උදැසනක් ජෝජ් ...අද අලුත් දවසක්.."
"සුභම සුභ උදැසනක් මිසී ඔයාටත්.."
"ඔයාට දැන් සනීපයි වගේ නේද ඩොක්ට අපිට කියුවා ජෝජ් ඉක්මනටම ගෙදර යවන්න පුලුවම් වෙයි කියලා.සමහර විට මේ සීත ඝාතුවටත් කලින්ම.."
ඔහෝ.. ඔයා ඔය ඇත්තමද කියන්නේ මිසී..එහෙමනම් අද සුබ දවසක් නේ."
ඔහු තවමත් නින්දේ පසු වුවාදැයි මා නොදනී.
"ඔයා දන්නවද අද ලස්සනට ඉර පායලා අද හුගක් හොද දවසක් නිසා වෙන්න ඇති.ම0 හිතන්නෙ සීත කාලෙ මේ සැරේ පහුවෙල්ලා ඒවි.දන්නවද විලියම් ම0දැක්ක ලස්සනම ඉර පායල තින්නෙ අද.ඔයා බලන්න ආස නැද්ද මගේ ඇද ලගට ආවොත් ඔයාට ඉර පායන හැටි බලන්න පුලුවම්".
"කියුවහම අහලා මට මගේ පාඩුවේ ඉන්න දෙනවා".
" විලියම් මේක හොස්පිටල් එකක් ඔයා ඔහොම කැගහන එක අනිත් අයට වදයක් .කරුණකරලා ඕක නවත්තන්න."
මට සමාවෙන්න මිසී.
"ඔයා දවස් 3 කාල නෑ.කොහොමද ඔයාට බෙහෙත් දෙන්නෙ.ඔයාට තිත්ත බෙහෙත් තමයි මට දැන් දෙන්න වෙන්නෙ"
.මට බෙහෙත් බොන්න බෑ.
රාත්‍රිය මට මහත් වෙහෙසක් ගෙන දෙන්නක් විය.නමුත් එය ගෙවා දැමීමට සිදුවන්නකි.උදැසනට මා වඩාත් ඇලුම් කරන්නේ එය මගේ ගත සිත දෙකම ප්‍රබෝඩමත් කරන බැවිනි.අව් රශ්මියට මා බෙහෙවින් ප්‍රියකරයි.
"බලන්න විලියම් අද කලින්ම ඉර පායලා පොඩි හුළගකුත් තියනවා.ම0 අද දවසතරම් කවදවත් ඉර පායනකොට මෙච්චර රස්නෙයක් දැනිලා නෑ.ඔයා දන්නවද විලියම් සීත කාලෙට වඩා මම ගිම්හාන කාලෙට කැමතියි...ඒ ඇයිද දන්නවද?මොකද ඉර පායනකොට මට දැන්නෙන්නෙ මගේ අසනිප ගතිය වේදනාව ඉරට ඇදල ගන්නව වගේ.මගේ වේදන්නව ටිකෙන් ටික අඩුවෙනවා මට දැනෙනව ඔව් ඇත්තටම මට එහෙම හිතෙනවා විලියම් ම0 ජිවත් වෙන්න ආසයි.මේ ඉර අව්ව යට ආයෙ ඇවිදින්න ආසයි.සීත  කාලේ පහුවෙන්න කියල ම0 දෙවියනට ප්‍රාර්ථනා කරන්නවා.විලියම් ඔයාට මාව ඇහෙනවා නේද?ඔයා අදවත් ඉර බලන්න හිතන්නෙ නැද්ද? කවද හරි ම0 මෙ ඉර එක්කම මැරුනත් මට දුක නෑ විලියම්"
"විලියම්.. විලියම් නැගිටින්න.දැන් දවල් වෙන්නත් ලගයි.කෝ..කෝ නැගිටින්න."
"මිසී තාම උදේ වෙන්න විදියක් නැ.ඇයි විලියම් එහෙම කියන්නෙ.නැ ..මොකද දැන් උදේනම් එහා ඇදේ ඉන්න මනුස්සය ඉර ගැන කිය කියා මට ඉර බලන්න කතා කරාවී."
"ඔව් ...එයා අද ඉදන් මේ ඇදේ නෑ."
එහෙනම් කරුණාකරලා මිසී මට පුලුවම්ද ඒ ඇදට යන්න.පුලුවම්ද යන්න උදව් කරන්න.
"ඔව් මට පුලුවම් විලියම්."
හ්ම්ම්.... ගොඩාක් ස්තුතියි.මේ මිනිහ මට බොරුනෙ කියලා තියෙන්නෙ
"ඇයි විලියම් එහෙම කියන්නෙ?"
 "නැ මිසී මේ මිනිහා මට හැමදාම ඉර ලස්සනට මෙතනට  හොදට පේනවා කියුවා.එත් මෙතන ජනේලයට ඉර පේන්නෙ කොහෙද?"
විලියම ඔය දන්නවද එයා මෙතන්ට ආවේ ඇයි කියලා එයාට පිලිකාවක්..හුගක් දරුනුවට පැතිරුනු එකක්.එයට ජිවිතේ ඕන වුනා ජීවත් වෙන්න.ඔය මෙතනට ආවේ ජිවිතේ එපා වුනු කෙනෙක් විදිහට.ඒත් එය ඕනෙ වුනා එයගෙ ජිවිතේ නැති වුනත් ඔයාගෙ ජීවිතෙ වටිනාකම කියල දෙන්න.ඔයාගෙ ජිවිතේ ජීවත් කරවන්න.එය උපතින්ම අන්ධයි.හැබැයි එය ඉරට ආසයි.
එයට ඉර එලිය  දැනෙනවා එයා මනසින් ඉර දැක්කා.එයා එකෙන් සතු‍ටු වුනා විලියම් එය හිතුවා ඔයත් ඉරට ආසකරාවි කියල.එකෙන් ඔය ඔයගෙ ජිවිතෙට ආදරේ කරාවි කියලා.එයට ඕනෙ වුනා ඔයා සතුටින් තියන්න.ඒ දේ දකින්න.ඒත් අද ඉර පායනකොට  ඉර එලිය වැටෙනකොට එය මැරුණා.
"හ්ම්ම්..මිසී පුලුවන්නම් මට හොද සුප් එකක් දෙන්න.ම0 දවස් ගානකින් කැවෙනෑ.මට හුගක් බඩගිනියි"