Tuesday, August 30, 2011

                                                    ඇගේ ලූ බැනියමේ
                                                    මඩ වැදී ඉරී ඇත
                                                    බඩේ වූ කුසගින්න
                                                    පපුව තෙක් ඇදී ඇත.
                                                    මග යන්නෙන ඔබ වෙතට
                                                    දෑත මගේ ඇදී ඇත
                                                    නොරිදුනත් අත මගේ
                                                    පාළු... සිත බිදී ඇත               

Monday, August 29, 2011

ජීවිතය...

"මිසී අනේ කරුණාකරල මට වතුර එකක් දෙන්න පුළුවම්ද?"
"තාම ඔයාට ඩොක්ටර් මොනවත් දෙන්න කියුවේ නැනේ පොඩ්ඩක් ඉන්න"
 හ්ම්..ඒත් මට බඩගිනි,තිබහයි..
ඔහු තවමත් ඇදහිය.සීත කාලය පැමිනි නිසා දෝ බොහො ලෙඩුන් තවමත් නින්දේ පසු වෙයි.මෙහි සිටින බොහො රෝගීන් සිතින් මෙන්ම ගතින් දුබල වුවන්ය."සුභ උදැසනක් ..ඔය දන්නවද දැන් වෙලව කීයද කියල? හ්ම්ම් එහෙනම් කියන්න බලන්න දැන් වෙලාව කීයට විතර ඇද්ද  කියලා කියන්න.."
"නවත්ත ගන්නවද ඔය කියවිල්ල මට මගේ පාඩුවේ ඉන්න දෙනවා..මට කාත් එක්කවත් කතා කරන්න වුවමනවක් නෑ..''
" හරි මට සමාවෙන්න."
ඔහු නමින් විලියම්ය.මාගෙ අසල්වැසි ඇදේ හිමිකාරයා ඔහුය.නමුත් අද වන තෙක් ඔහු හා සුහද වීමටවත් ඔහු සමග කතා කිරීමටත් මා අපොහොසත් වුයේ එයිදැයි මා නොදනී.
"සුබ උදැසනක් ජෝජ් ...අද අලුත් දවසක්.."
"සුභම සුභ උදැසනක් මිසී ඔයාටත්.."
"ඔයාට දැන් සනීපයි වගේ නේද ඩොක්ට අපිට කියුවා ජෝජ් ඉක්මනටම ගෙදර යවන්න පුලුවම් වෙයි කියලා.සමහර විට මේ සීත ඝාතුවටත් කලින්ම.."
ඔහෝ.. ඔයා ඔය ඇත්තමද කියන්නේ මිසී..එහෙමනම් අද සුබ දවසක් නේ."
ඔහු තවමත් නින්දේ පසු වුවාදැයි මා නොදනී.
"ඔයා දන්නවද අද ලස්සනට ඉර පායලා අද හුගක් හොද දවසක් නිසා වෙන්න ඇති.ම0 හිතන්නෙ සීත කාලෙ මේ සැරේ පහුවෙල්ලා ඒවි.දන්නවද විලියම් ම0දැක්ක ලස්සනම ඉර පායල තින්නෙ අද.ඔයා බලන්න ආස නැද්ද මගේ ඇද ලගට ආවොත් ඔයාට ඉර පායන හැටි බලන්න පුලුවම්".
"කියුවහම අහලා මට මගේ පාඩුවේ ඉන්න දෙනවා".
" විලියම් මේක හොස්පිටල් එකක් ඔයා ඔහොම කැගහන එක අනිත් අයට වදයක් .කරුණකරලා ඕක නවත්තන්න."
මට සමාවෙන්න මිසී.
"ඔයා දවස් 3 කාල නෑ.කොහොමද ඔයාට බෙහෙත් දෙන්නෙ.ඔයාට තිත්ත බෙහෙත් තමයි මට දැන් දෙන්න වෙන්නෙ"
.මට බෙහෙත් බොන්න බෑ.
රාත්‍රිය මට මහත් වෙහෙසක් ගෙන දෙන්නක් විය.නමුත් එය ගෙවා දැමීමට සිදුවන්නකි.උදැසනට මා වඩාත් ඇලුම් කරන්නේ එය මගේ ගත සිත දෙකම ප්‍රබෝඩමත් කරන බැවිනි.අව් රශ්මියට මා බෙහෙවින් ප්‍රියකරයි.
"බලන්න විලියම් අද කලින්ම ඉර පායලා පොඩි හුළගකුත් තියනවා.ම0 අද දවසතරම් කවදවත් ඉර පායනකොට මෙච්චර රස්නෙයක් දැනිලා නෑ.ඔයා දන්නවද විලියම් සීත කාලෙට වඩා මම ගිම්හාන කාලෙට කැමතියි...ඒ ඇයිද දන්නවද?මොකද ඉර පායනකොට මට දැන්නෙන්නෙ මගේ අසනිප ගතිය වේදනාව ඉරට ඇදල ගන්නව වගේ.මගේ වේදන්නව ටිකෙන් ටික අඩුවෙනවා මට දැනෙනව ඔව් ඇත්තටම මට එහෙම හිතෙනවා විලියම් ම0 ජිවත් වෙන්න ආසයි.මේ ඉර අව්ව යට ආයෙ ඇවිදින්න ආසයි.සීත  කාලේ පහුවෙන්න කියල ම0 දෙවියනට ප්‍රාර්ථනා කරන්නවා.විලියම් ඔයාට මාව ඇහෙනවා නේද?ඔයා අදවත් ඉර බලන්න හිතන්නෙ නැද්ද? කවද හරි ම0 මෙ ඉර එක්කම මැරුනත් මට දුක නෑ විලියම්"
"විලියම්.. විලියම් නැගිටින්න.දැන් දවල් වෙන්නත් ලගයි.කෝ..කෝ නැගිටින්න."
"මිසී තාම උදේ වෙන්න විදියක් නැ.ඇයි විලියම් එහෙම කියන්නෙ.නැ ..මොකද දැන් උදේනම් එහා ඇදේ ඉන්න මනුස්සය ඉර ගැන කිය කියා මට ඉර බලන්න කතා කරාවී."
"ඔව් ...එයා අද ඉදන් මේ ඇදේ නෑ."
එහෙනම් කරුණාකරලා මිසී මට පුලුවම්ද ඒ ඇදට යන්න.පුලුවම්ද යන්න උදව් කරන්න.
"ඔව් මට පුලුවම් විලියම්."
හ්ම්ම්.... ගොඩාක් ස්තුතියි.මේ මිනිහ මට බොරුනෙ කියලා තියෙන්නෙ
"ඇයි විලියම් එහෙම කියන්නෙ?"
 "නැ මිසී මේ මිනිහා මට හැමදාම ඉර ලස්සනට මෙතනට  හොදට පේනවා කියුවා.එත් මෙතන ජනේලයට ඉර පේන්නෙ කොහෙද?"
විලියම ඔය දන්නවද එයා මෙතන්ට ආවේ ඇයි කියලා එයාට පිලිකාවක්..හුගක් දරුනුවට පැතිරුනු එකක්.එයට ජිවිතේ ඕන වුනා ජීවත් වෙන්න.ඔය මෙතනට ආවේ ජිවිතේ එපා වුනු කෙනෙක් විදිහට.ඒත් එය ඕනෙ වුනා එයගෙ ජිවිතේ නැති වුනත් ඔයාගෙ ජීවිතෙ වටිනාකම කියල දෙන්න.ඔයාගෙ ජිවිතේ ජීවත් කරවන්න.එය උපතින්ම අන්ධයි.හැබැයි එය ඉරට ආසයි.
එයට ඉර එලිය  දැනෙනවා එයා මනසින් ඉර දැක්කා.එයා එකෙන් සතු‍ටු වුනා විලියම් එය හිතුවා ඔයත් ඉරට ආසකරාවි කියල.එකෙන් ඔය ඔයගෙ ජිවිතෙට ආදරේ කරාවි කියලා.එයට ඕනෙ වුනා ඔයා සතුටින් තියන්න.ඒ දේ දකින්න.ඒත් අද ඉර පායනකොට  ඉර එලිය වැටෙනකොට එය මැරුණා.
"හ්ම්ම්..මිසී පුලුවන්නම් මට හොද සුප් එකක් දෙන්න.ම0 දවස් ගානකින් කැවෙනෑ.මට හුගක් බඩගිනියි"

Friday, August 26, 2011

සුවිප් ටිකට්...

              
                                          පැදී යයි ඉදිරියට             
                                  රෝද දෙක එක පෙළට
                                  කටේ කෙළ බිදක් නැත
                                  වේලුනා අව්වටම
                                  තව ටිකයි
                                  අද දිනයි
                                  සුවිප් ඇත..සුවිප් ඇත
                                  ඔබට ජය නියතමයි
                                  මම පදිමි රෝද දෙක




                                                      
                                              

Thursday, August 25, 2011

වීදියේදී..........

තවම සවස 3.30 පසු  වුයේ නැත.බස් පොලිමේ තදවනවාට වඩා හෝල්ටයේ සිට නගින එක හොද යැයි සිතුන නිසා ඔහේ ඉදිරියට ඇවිද ගියේය.කවුරුවත් සිනාසුනේද නැත
     ''මොකෝ බලෙන් හිනාවෙන්නෙයි''
 මාත් කරබාගෙන අඩියට දෙකට පොලීසිය පහුකරන් අන්නාසි කඩෙ ලග නතර වුනි.බැලුවහම කොතනත් සෙනග.බස් එකක් එනවා
     ''ඒත් වැඩක් නැ.බද්දෙගම එකක් තවත් වරුවක් ඉන්න වේවි'',
උඩු හිතින් යටි හිතින් දෙකෙන්ම මටම බැනගතිමි
    .'' කකුල් දෙකම රිදෙනවා.දෙකම රිදෙනවාට වඩා හොදයි එක කකුලකට බර දීල ඉන්න එක''
වටපිටේ බලන්න දෙයක්ද නැත.බස් එකක් එනපාටකුත් නැත.ඇස් දෙක කරකවා වට පිට බැලුවෙමි.ඉස්සරහින් අන්නාසි කඩේ අනිත් පැත්තේ තැපැල,මේ පැත්තෙ පාර වෙන මොනවා තීන්නද ඉතින්
ආ......?ඇහෙකට බොදවෙලා පේනනිසද   කොහෙද අනිත් ඇහත් ඉබේම කර කැවිනි. "ඇල්බට් ගුනරත්න opticals"නම නම් ඒකය.
 වැඩේ ඒක නෙමේයි නෙ.කඩේට ඇතුලුවෙන දොරකඩ පොඩි කොල්ලන් දෙන්නෙකි.අම්මා තවත් කෙනෙක්ට කිරි දෙයි.යටට කලිසම් කොට දෙකකි.උඩටනම් කිසිත් නැත.දාන්ගලේ නම් අඩුවක්ද නොපෙනේ.
    ''හොද කඩේක ඉස්සරහ නේද අර හිගන ලමයි දගලන්නේ.ගහල පන්නන්න එපැයි ඕකුන්ව''.
 පි‍ටුපසින් ආ හඩකි.
හොද වෙලාවට පස්සෙන් හිටියේ. මොන කටින්ද දන්නැ ඕක කියුවේ.මූන නොදැක්ක එක ලොකු දෙයක් දකින්නවත් ඔනෙ නැ ඔහොම අය.පව් අහිOසකයෝ.
    අනික.".බස් එකක් ලමයෝ ..මොන සිහියකද ඉන්නෙ.. ආයින්ට වෙන්න."
කියුවාට වඩා ඒක බැනුමකි.ලජ්ජාව ඉයවහා ගිය නිසාදෝ ආපු බසයටම ඉබේම නැගුනි.හොද වෙලාවට ඒක අපෙ පැත්තෙ යන එකක්.                                    
                                                                      සති 2 පසු

කොළඹ බස් අන්තිම ජරා බස් ජාතියක්....
    ." මේ ගාල්ලේ නේ බහින්නේ නැගිටලා ඉස්සරහට යන්න..කෝ කෝ යන්න."
"ඇයි දෙයියානෙ ගාල්ල තව කොච්චර දුරද මැදැයි දැන් ඉතින් නැගිටපන්කො........හ්ම්"තවත් විනාඩි 10 ගාල්ලේය.
    "අද බස් ස්ටයික් එකක්.ස්ටෑන්ඩ් එකේ වැට ගහල තීනවා වැරදි කියලා බස් කරොයො කියන්නෙ.. ඇමති එනකම් බස් දුවන්නෙනැලු".බස් එකකින් බැස්ස කෙනෙක් කියනවා ඇසිනි.
    "අම්මා එනවා කියුව නිසා මටනම් ගානක් නැත.ඒත් ඉතින් එනවා කියපු තැනට ඇවිදන් යන්න වෙනවනෙ........''
ඔන්න ඔහේ ඉස්සරහට යනවා.හෙමින් හෙමින් ආවට මොකද අම්මානම් තාමත් නැත.ටවුමෙ බෝඪිය ගාවටත් ඇවිත්ය.දැන් ඉතින් අම්මා එයි.
එතකම් ඉන්නවා ඉතින්..කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නෙ නැ.
ඕහ්.......මේ අර ලමයි නේද?
අද මෙතන්ට ඇවිත් බෝඪිය යටට..තවමත් ඒ ඇදුමය.වෙනසකට ඇත්තේ තවත් කුණු ගැවී කළු පාට වීම පමනි.තවමත් සෙල්ලමය..කෑවාද දන්නෙ නැත.
මට මා ගැනම සිහිවිනි.කිසි දිනක අපිරිසිදු ඇදුම් නො ඇන්දෙමි.මෙසෙ පාරේ ජීවත් වෙමින් අවුවට වැස්සට නොසිටියෙමි.අම්මා ද තාත්තා ද වැස්සට මෙන්ම අව්වටද කුඩ ඉහිලිනි.
    ඒත් මේගොල්ලන්ට මේ මුකුත්තීද?
      මේ කිසිවක් ඔවුනට නොතේරෙන්නේ ඔවුන් කුඩා ලමයින් නිසාද?
නැතිනම් ඒ කිසිත් ඔවුගෙ අත්දැකිම් නොවන නිසාදැයි මා නොදනිමි.මා මෙන්ම මෙතන සිටි හුග දෙනෙක් මොවුන් දිහා බලන්නේ අනුකම්පාවෙනි.එක ලමයෙකු මා දිහා බලාසිටි නිසා මම සිනාසුනෙමි.
මොකද ඒ හැර මට දෙන්නට දෙයක් නැත.පෙරලා එයට සිනාහවකි.එය අහි0සකය
    ."අම්මා තාම නැති එක එකත් හොදයි මුකුත් දෙන්නන බැරි උනත් ඒයාලා එක්ක හිනාවෙන්න හරි මට පුලුවම් උනානෙ".
කොහේදෝ සිට පැමිනි අක්කා කෙනෙකු පොඩිම කෙනාට මොකද්ද දී හනිකට පිටවිය.එය සෙල්ලම් පිස්‍තෝලයකි
    ."වතුර විදින්න පුලුවම් එකක් වගේ.මුකුත් නැති මෙයාලට මේක ලොකු දෙයක්නෙ..."
ඒ ගොල්ලො දැන් සෙල්ලමේ පව්..අම්මා පැමිණියද, තමත් මම යන්නට වුවනමනා නැත
    ."දැන් යමු නේ.." අම්මා අඩගසයි
    ."හදිස්සී ලමයෝ යමු යමු...එන්න."
.පිස්තොලය අතින් ගත් මොවුන් දෙදෙනා මගේ ලගට ආවේ ඔය අතරෙය.පලමු වතුර පාර අතට වදිනි.දෙවෙනි වතුර පාර මුහුනට හා අගට වැදුනි.මට දුකක් නැත.තරහවක්ද නැත.මට කල හැකි එකම දේ සිනහාවිමනම් ම0 සිනහසුනෙමි.අදත් ඔවුන් එතන ඇත.යලි වරක් හමු වුනහොත් මා නැවත් සිනා සෙන්නටත් කියක් හෝ දෙන්නටත් සිතමි.නමුත් හමුවෙදයි මා නොදනිමි
             ( නම් ගම් සියල්ල මන:කල්පිතයි.මන:කල්පිතයි කියුවාට කිසිම නමක් මෙතන නෑ කියල බැලුවහම තේරෙනවනේ.මට කියන්න ඕනෙ උනේ මේ කතාව ඇත්ත එකක් කියන එකයි)

Tuesday, August 23, 2011

තො‍ටුපලට............

සිතුවිලි සිහින එකම මගක මුන ගැසුනු බවක් මගෙ මතකයෙ අදටවත් නැත.නමුත් සිතුවිලි වලට වඩා සිහින මා හා බැදී එක්ව යාමට කැමතිවුවා නම්,.සිහින තනි නොකරන්න මට වුවමනානම් සිහින  ලැගුම් ගන්වන්නට හැකි සොදුරුම තැන මෙතනනම් මා  නිතර යන එන තැන මෙතනනම් සිහින තො‍ටුපොල මෙතන නේද, එන්න මගෙ මිතුරනේ මේ සිහින තො‍ටුපලට..............